SORT LYRICS BY NAME:

Ran Malak Lesa - Sunil Edirisinghe

රන් මලක් ලෙස - සුනිල් එදිරිසිංහ

ආ..ආ...ආ...

රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින්බිමේ
පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව්කොනේ
නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ
දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වී තිබේ
ආ..ආ...ආ...
ලෙහි හොවා වැඩු සිය පුතුන් අත අවි දරා වැද රණ මතින්
දෑ විකුම් වැද දෑ බැතින් හිස අත් මුදුන් දෙති පියවරුන්
මව්බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කළ ඒ පුතුන්
තුන් හෙළේ හැම මව්වරුන් ළය කිරිපෙවී ඇත උන් නමින්
ආ..ආ...ආ...
මව් කුසින් නොව දෙව් කුසින් සිරිලක උපන් විරු දරුවනේ
අපි ඔබෙන් නව පණ ලබා මෙහි යළි උපන්නෙමු අද දිනේ
නෑසියන් සොයුරන් ඔබේ අද දූ පුතුන් හැම මේ බිමේ
හදවතින් අපි යුද බිමෙහි ඔබ තනිකළේ නැත කිසි දිනේ
Song title: Ran Malak Lesa The author: Unknown The singer: Sunil Edirisinghe Submitted by: Site Administrator