SORT LYRICS BY NAME:

Mal Mal Waaram - Sunil Santha

මල් මල් වාරම් - සුනිල් ශාන්ත

මල් මල් වාරම් හරිමැ උදාරම්
ගයවා ගයවා ගුවනේ
ලංකා නම වෙනුයෙන් පුරසාරම්
කියවා කියවා මෙදිනේ

හෙළ මල් රඟ දී පිපී නටනවා
තිසා වැවේ ඉවුරේ
රතඹල රදලිය රජලිය වෙනවා
සීගිරි ගිරි මැදුරේ
සමනොල කන්දේ උඩවැඩියා මල
සීතලයෙන් පිපිරේ
මිහින්තලාවේ ගල මලින් පිරීලා
සේදේ සිල් මිහිරේ

මල් මල් වාරම් හරිමැ උදාරම්
ගයවා ගයවා ගුවනේ
ලංකා නම වෙනුයෙන් පුරසාරම්
කියවා කියවා මෙදිනේ

බඹරා බඹරී නුරා නුරාගය
ඉබේ බිඳී යනවා
මී මී පැණි පැණි වද වද රොද රොද
ඉබේ බැඳී යනවා
මුළු ලොව සත්නගෙ විඩා කඩා හැර
කුසුමින් නැහැවෙනවා
කවියෙන් ගීයෙන් විරිතින් තනුයෙන්
අළුත්වැ පණ එනවා

මල් මල් වාරම් හරිමැ උදාරම්
ගයවා ගයවා ගුවනේ
ලංකා නම වෙනුයෙන් පුරසාරම්
කියවා කියවා මෙදිනේ

හිරු රැස් නාමින් නෙළුම් පිපීලා
පොකුණු හිනා වෙනවා
මැයි ගස නන් සිරි පින් සිරි රුසිරින්
මනමාලිය වෙනවා
බඳු වද කිණිහිරි ඉද්ද සමන් මල්
තරඟෙට පිබිදෙනවා
මල් මල් මල් මල් දෙගොඩ තලා මල්
ගඟක් ගලා එනවා

මල් මල් වාරම් හරිමැ උදාරම්
ගයවා ගයවා ගුවනේ
ලංකා නම වෙනුයෙන් පුරසාරම්
කියවා කියවා මෙදිනේ

Song title: Mal Mal Waaram The author: Kalistas Jayasinghe The singer: Sunil Santha Submitted by: Site Administrator