SORT LYRICS BY NAME:

Sandaa Andura Lowa - Somathilaka Jayamaha

සැදෑ අඳුර ලොව - සෝමතිලක ජයමහ

සැදෑ අඳුර ලොව ගලන ‍වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
දහසක් දොම්නස් සිහින පවුරු මැද
තනිවුන ඔබෙ සුසුමන් සෙමින් විත්
මගෙ සවනත පාරයි…

තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
සරන විටදි රැය ගෙවෙන තුරාවට…
මහඳ සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ
එතෙර වන්න නිඹදේ – මුළු ලොව වෙත
එතෙර වන්න නිඹදේ…

සැදෑ අඳුර ලොව…

නිමල පැතුම් සපුරාගෙන හද තුල
සිහින ලොවින් නෙතු හැරෙන වෙලාවට…
අරුණළු නැගෙන පැයේ හසුනක් දෙමි
ජීවින මල් ගොමුවේ – ඔබෙ ආදර
ජීවන මල් ගොමුවේ…
Song title: Sandaa Andura Lowa The author: Unknown The singer: Somathilaka Jayamaha Submitted by: Site Administrator