SORT LYRICS BY NAME:

Pini Poda Watena - Shihan Mihiranga

පිණි පොද වැටෙනා - ශිහාන් මිහිරංග

පිණි පොද වැටෙනා අරුනැල්ලේ..
පිණි ඉහිරුනු නුඹෙ ඒ සුදු ගවුමේ..
මුතු කැට යට හිනැහුනු සුදු කෙල්ලේ..
මට දෙනවද නුඹෙ හිත සුදු මැණිකේ..

ආදරයෙන් පෑ සිනහා..
මා හිත යට තවමත් ඇත ඇඳිලා..
සෙනෙහස පවසාලා ළංවීලා..
මා තුරුලේ නැළවෙනවද මැණිකා..

රුහි කියා අමතා මා මෙසේ..
හිත් කොනේ තිබුනු ඒ ආදරේ..
තනිවන විට මා මගෙ ජීවිතේ..
නුඹ මගෙනම් තනියක් නෑ හදේ..

ළපටි දෙතොල් පොපියා මට නොකියා..
හීන්සැරේ සිපගන්නට හිතුනා..
හොරැහින් නොබලා මා දෙස බලලා..
තුරුල්වෙලා ඉඳපන්කෝ මැණිකා..

රුහි කියා අමතා මා මෙසේ..
හිත් කොනේ තිබුනු ඒ ආදරේ..
තනිවන විට මා මගෙ ජීවිතේ..
නුඹ මගෙනම් තනියක් නෑ හදේ.
Song title: Pini Poda Watena The author: Unknown The singer: Shihan Mihiranga Submitted by: Site Administrator