SORT LYRICS BY NAME:

Kanda Pirimada - Senanayaka Weraliyadda

කන්ද පිරිමැද - සේනානායක වෙරලියද්ද

කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හඳ පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා //

අරලියා මල් ඔහේ පිපුනට
පෝය නෑ ඇවිදින් //
ගෙවා අටවක වැඩෙයි අවසඳ
නොවී ඉමු ඉක්මන්

කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හඳ පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා

ගෙදර බුදුනගේ ඇල්ම බැල්මේ
අමාවක ගෙවපන් //
පුරා පෝයට මලුත් අරගෙන
අපිත් යමු පන්සල්

කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හඳ පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා
Song title: Kanda Pirimada The author: Siyabalagamuwe Amaradasa The singer: Senanayaka Weraliyadda Submitted by: Site Administrator