SORT LYRICS BY NAME:

Ahi Daara Matha Duka - Senanayaka Weraliyadda

ඇහි දාර මත දුක - සේනානායක වෙරලියද්ද

ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට, නැ.. ඔබ එන්නේ..
හිත වද දේවී.. ඔබ ඉල්ලලා, ඔබ ඉල්ලලා.. //

කවියක් වාගේ ජීවත් වෙන්න, තාලේ ගෙනැවිත් දෙන්න,
පදවැල් එලි වැටේ ළඟම නතර වෙලා.. //
ආදරේ නාමෙන් මියැදෙන්න හැදුවත්, දුකමයි සෙතක් වෙන්නේ නෑ,
හිත පිළිගන්නෙම නෑ..

ඇහි දාර මත..

හිතුවාත් ගලන ගඟ සේ ඉන්න, බාධා අතැරලා ගලන
ආදර කතරේදී හිඳිලා ගියා.. //
ආදරේ නාමෙන් මියැදෙන්න හැදුවත්, දුකමයි සෙතක් වෙන්නේ නෑ,
හිත පිළිගන්නෙම නෑ..

ඇහි දාර මත.. //
Song title: Ahi Daara Matha Duka The author: Unknown The singer: Senanayaka Weraliyadda Submitted by: Site Administrator