SORT LYRICS BY NAME:

Apa Hamuwuna Thana Thaniyen - Sashika Nisansala

අප හමුවුන තැන තනියෙන් - සශිකා නිසංසලා

අප හමුවුන තැන තනියෙන්..
ඔබ විතරමයි ඉන්නේ..
ඔබ හැරගිය හැටි සතුටින්..
ඉන්නවද නෑ දන්නේ..

කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ..
එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙන්නේ..

මතකේ අපගේ රැදිලා මනසේ..
සුසුමන් නිතැතින් පිරුනත් දෙහදේ..
කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ..
එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙන්නේ..

අප හමුවුන තැන තනියෙන්...

පැතුවත් හැමදා උපදින සසරේ..
එක්වන්නට බෑ මගෙ රත්තරනේ..
කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ..
එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙන්නේ..

අප හමුවුන තැන තනියෙන්...
Song title: Apa Hamuwuna Thana Thaniyen The author: Sajith Chathuranga The singer: Sashika Nisansala Submitted by: Site Administrator