SORT LYRICS BY NAME:

Anatha Maaruthe - Rookantha Gunathilaka

අනාත මාරුතේ - රූකාන්ත ගුණතිලක

අනාත මාරුතේ
කුණාටු සාගරේ
දිවිය තියෙන තුරු මගේ
ඔබයි ආදරේ…

අතීතයට වඩා පැරණි අපේ ආදරේ
අපි දෙන්නා හැඩූ හැඩුම් දනී සාගරේ
සදා වෙනස්‌ වෙන්න එපා
මැණික මා කෙරේ
දිවිය තියෙන තුරු මගේ
ඔබයි ආදරේ….

සිත රිදවන වදන් වලට හඩන්නට එපා
ඇනුම් බැනුම් වලට මගේ තැවෙන්නට එපා
සසර සරණ තුරා මගෙන් මිදෙන්නට එපා
දිවිය තියෙන තුරු මගේ
ඔබයි ආදරේ….
Song title: Anatha Maaruthe The author: Unknown The singer: Rookantha Gunathilaka Submitted by: Site Administrator