SORT LYRICS BY NAME:

Digu Daasa - Romesh Sugathapala

දිගු දෑස - රොමේෂ් සුගතපාල

දිගු දෑස දුටුවාම හැ‍ඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙරවාගේ...//

රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න
තරු පවා හඬනවා ‍ඔබට නෑ තේරෙන්නේ
හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ
ම‍ට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙර වාගේ...

දිගු දෑස දුටුවාම..//

පෙර එදා හමුවෙලා වෙළුනු හැටි මුදු පහසේ
විදිනවා දකිනවා නිහඩ රෑ දුර අහසේ
දුරම මිස ලඟ නැතිද අහනවා නෙතුමාගේ
කවදාද ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ...

දිගු දෑස දුටුවාම...//
Song title: Digu Daasa The author: Unknown The singer: Romesh Sugathapala Submitted by: Site Administrator