SORT LYRICS BY NAME:

Puraane Obata Pidu Aale - Rohan de Silva

පුරාණේ ඔබට පිදු ආලේ - රොහාන් ද සිල්වා

පුරාණේ ඔබට පිදු ආලේ
ඇයට මම පිදුවා
සිතාරේ වයන තත වාගේ
සිත සෙමින් හැඬුවා //

ඔහු පතා සිත සිතා ඔබ
පෙර දිනේ හැඬුවා
ඔබ කතා නැති නිසා මම
නිහඬ වී සිටියා
ඒ දිනේ පවා නිහඬ වී සිටියා

පුරාණේ ඔබට පිදු ආලේ..

අද මෙමා ඇය තුරුල්ලේ
සැනසෙමි මෙලෙසේ
පෙර දිනේ මගෙ දුක මතක් වී
සිත හඬයි රහසේ
මටම අනුකම්පා වී සිත හඬයි රහසේ

පුරාණේ ඔබට පිදු ආලේ..
Song title: Puraane Obata Pidu Aale The author: Rookantha Gunathilaka The singer: Rohan De Silva Submitted by: Site Administrator