SORT LYRICS BY NAME:

Ekama Magaka - Punsiri Soysa

එකම මගක - පුන්සිරි සොයිසා

එකම මගක පියවර මැන යන්නයි
එකම බිමක සෙවනැළි පැටලෙන්නයි
සෙනේ දියෙන් මීවිත පිරවෙන්නයි
මගේ පැතුම ඔබ මට හිමිවෙන්නයි..//

වැලේ පිපුණු මල නොවේ වැලට බර
බිඟුන් සරාවී බැලුම් හෙලා
හිතේ රැඳුණු පෙම් නොම දෙන් රටකට..//
මගේ ලොවින් පිට නොයන් පලා..//

එකම මගක..

මගේ ලොවට සඳ ඔබේ සිඟිති මුව
අගින් එබේවී හැඟුම් මවා
ඔබේ පිනට මතු මගේ ගෙපැල ළඟ..//
කුසුම් පිපේවා පවන් සලා..//

එකම මගක..
Song title: Ekama Magaka The author: Unknown The singer: Punsiri Soysa Submitted by: Site Administrator