SORT LYRICS BY NAME:

Mage Lamada Suwa Yahanak - Priya Suriyasena

මගේ ළමැද සුව යහනක් - ප්‍රියා සූරියසේන

මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා
බවෙන් බවේ පෙරුම් පුරා බලා ඉන්නවා
ඒ යහනේ ඔබ සතපා බිඟු ගී වැල් මුමුණනවා
සොඳුරු ලොවක අප දෙදෙනා හෙට තනි වෙනවා

සිහින ගෙනෙන කුමාරියේ ඇගේ ලොවට එන්න එපා
ඇය රවටා කැඳවාගෙන නොයන් කුමරියේ

අපට උරුම අපේ ලොවේ හද සොම්නස් කිරැල දරා
මගේ ළඟින් සසර පුරා ඉන්න වාසනා

මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා
බවෙන් බවේ පෙරුම් පුරා බලා ඉන්නවා
ඒ යහනේ ඔබ සතපා බිඟු ගී වැල් මුමුණනවා
සොඳුරු ලොවක අප දෙදෙනා හෙට තනි වෙනවා
Song title: Mage Lamada Suwa Yahanak The author: Unknown The singer: Priya Suriyasena Submitted by: Anuradha Paranahewa