SORT LYRICS BY NAME:

Sanda Kaluwara Kura Gagawith - Nanda Malani

සැඳෑ කළුවර කුර ගගා විත් - නන්දා මාලනී

සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ මගෙ සරා සඳ
තනි වෙලා මා තනි වෙලා…..

වළාකුලකුදු නොමැති අහසේ
මලානික වූ මගෙ සිතුවිලි
ගල් ගැසී ඇත පාළු වී ඇත
අදුර පමණක් රජ වෙලා……..

සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ මගෙ සරා සඳ
තනි වෙලා මා තනි වෙලා…..

ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව් ගනන් දුර ජීවිතේ බර
මගේ හිස මත බරවෙලා………

සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ මගෙ සරා සඳ
තනි වෙලා මා තනි වෙලා…..
Song title: Sanda Kaluwara Kura Gagawith The author: Unknown The singer: Nanda Malani Submitted by: Site Administrator