SORT LYRICS BY NAME:

Aalaya Wan - Nanda Malani

ආලය වන් - නන්දා මාලනී

ආලය වන් මනරම් කවිකම් දෙන
සිතුමිණ කොඳ විස්කම්
හදවත් වී සමහම් නිගැයුම් කර
සිඳ බිඳලයි බව ගිම්..

පැණසර මහා බෝසතුන්
විරතට පැමිණ නොමින්
පබවත වෙත බැඳෙමින්
පුදදුන් උණු කඳුලින්
ආලය නම් මනුදම් අදහම් නිති
එතැනය සබය සුදම්

ආලය වන්…

සහලඟුරෙන් දැවෙමින්
පවසට පැන් දෙනුවෙන්
උරය පලා සතොසින්
පුද දුන් සිය රුහිරෙන්
ආලය නම් මනුදම් සුරකිම් නිති
එතැනය සුර ලොව නම්

ආලය වන්…
Song title: Aalaya Wan The author: Unknown The singer: Nanda Malani Submitted by: Site Administrator