SORT LYRICS BY NAME:

Lowama Epaa Vee - Nanda Malani

ලොවම එපා වී - නන්දා මාලනී

ලොවම එපා වී
ලොවම කලකිරී
දැවී දැවී හිදිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ

අසා අසෝබන නින්දා ගැරහුම්
වැලහින්නක සේ වැලපෙන මොහොතේ
පවනේ පාවෙන ඔබේ සුවදකින්
පිපාසිත වූ හද සිහිලැල් වේ

ලොවම එපා වී…

ලබා නොමිනිසුන් නගනා ගෙරවුම්
මුවැත්තියක සේ බියපත් මොහොතේ
සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
මුළු ගැන් වුන සිත උණුසුම් වේ

ලොවම එපා වී…
Song title: Lowama Epaa Vee The author: Unknown The singer: Nanda Malani Submitted by: Site Administrator