SORT LYRICS BY NAME:

Mihimadale Anduru Kuse - Nanda Malani

මිහිමඩලේ අදුරු කුසේ - නන්දා මාලනී

මිහිමඩලේ අදුරු කුසේ
දිය උල්පත අම්මා…
අහස් තලෙන් මරු කතරට
වහින වැස්ස අම්මා…

නිල් දෙරණේ තුරුලිය මත
මල් සම්පත අම්මා…
තුරුලිය මත පිපි කුසුමේ
පල සම්පත අම්මා…
සිය දහසක් නෙක ලෝ දා
එලිය කරන අම්මා…

සොළොස් කලා පිරි පුරහද
එලිය කරන අම්මා…
සද නැති රෑ සක්වල තරු
එලිය කරන අම්මා…
උදා ගිරෙන් ලොවට වඩින
ළහිරු මඩල අම්මා…
Song title: Mihimadale Anduru Kuse The author: Unknown The singer: Nanda Malani Submitted by: Site Administrator