SORT LYRICS BY NAME:

Sinahawai Kandulai Sadaa - Moris Dahanayaka

සිනහවයි කඳුලයි සදා - මොරිස් දහනායක

සිනහවයි කඳුලයි සදා
ලෝකයේ බල දෙක මහා
සිනාසී හැඬුවත් හඬා
සිනා පෑවත් එක තමා

සුදෝ පොඩ්ඩක් අඬන්න
හරිම ආසයි බලන්න
ඔයා ලස්සන අඬන විටදී
කඳුළු බිඳුවක් හෙලන්න //

ඔයා හෙළු කඳුලැලි අගේ
ගලන විට කම්මුල් දිගේ //
දිමුතු මුතු වාගේ පෙනෙන්නේ
ලස්සනක් නැහැ ඔය වගේ

සුදෝ පොඩ්ඩක් අඬන්න..

බොරු කියා ඔබ හැඬෙව්වත්
ලපටි හදවත රිදෙව්වත් //
මගේ ආලය මමයි දන්නේ
නැහැ වෙනස්කම් සිතින්වත්

සුදෝ පොඩ්ඩක් අඬන්න..
.
රත්තරන් අත් දෙක තබා
අඬන විට ඔබ ඉකි ගසා //
මගේ ආලය තවත් වැඩිවේ
තවත් අඬවමි බොරු කියා

සුදෝ පොඩ්ඩක් අඬන්න..
Song title: Sinahawai Kandulai Sadaa The author: Unknown The singer: Moris Dahanayaka Submitted by: Site Administrator