SORT LYRICS BY NAME:

Denodahak Gawasena Sarasaviye - Milton Mallawarachchi

දෙනෝදහක් ගැවසෙන සරසවියේ - මිල්ටන් මල්ලවාරච්චි

දෙනෝදහක් ගැවසෙන සරසවියේ
පාළුව තනිකම දැණෙනවනම්
කුටියේ කවුළුව විවර කරනු මැන
සුළඟක් වී ඔබ වෙත එන්නම්

ඔබ සරසවියක මා පොඩි ගෙපැලක
එක්වන්නට අද වරම් නැතේ //
එකම පන්තියේ එක ළඟ ඉඳගෙන
පාසල් ගිය හැටි සිතට නැගේ

දෙනෝදහක් ගැවසෙන...

ඔබ හා අත්වැල් බැඳ ඇවිදින්නට
පෙරුම් පිරූ පාසැල් සමයේ //
සිල්ප සතර රැඳුණේ නැහැ මා සිත
ඒ හින්දයි අපි දුරස් වුණේ

දෙනෝදහක් ගැවසෙන...
Song title: Denodahak Gawasena Sarasaviye The author: Unknown The singer: Milton Mallawarachchi Submitted by: Site Administrator