SORT LYRICS BY NAME:

Pera Eka Dawsaka - Milton Mallawarachchi

පෙර එක දවසක - මිල්ටන් මල්ලවාරච්චි

පෙර එක දවසක සඳ නැති සවසක
ඔබ මා සමුගත් ඉවුරු තලාවේ
යළි අප හමුවේවා
යළි අප හමුවේවා

ආල හැඟුම් දෙන කොමල සිනාවෙන්
මගේ පැතුම් ලොව සසල කලා සේ
නීල නුවන් ඇති දෑල වලින් ඔය
තවත් ලොවක්‌ ඔබ එළිය කලාවේ

පෙර එක දවසක සඳ නැති සවසක...

එකම වරක්‌ හෝ නෙත සනසන්නට
ආශාවෙන් මා ඔබ දෙස බලලා
එකම වරක්‌ නොව එක හෝරාවක
දහස්‌ වරක්‌ මා මනසින් හැඬුවා

පෙර එක දවසක සඳ නැති සවසක...
Song title: Pera Eka Dawsaka The author: Unknown The singer: Milton Mallawarachchi Submitted by: Site Administrator