SORT LYRICS BY NAME:

Muhuda Hadana Welawee - Madumadawa Aravinda

මුහුද හඬන වෙලාවේ - මධුමාධව අරවින්ද

මුහුද හඬන වෙලාවේ
වෙරළේ තනියේ මේ යාමයේ
මම නාඳුනන ඈ කාගෙදෝ
තනිව හඬන ඈ කවුරුදෝ //

මෙලෙස තනි වෙලා
ඔබ කවුරුදැයි කියා
පවසන්න පැකිලෙන්නෙපා
කඳුළු පිස දමා
ඔය මුහුණ පෙන්නලා
හිනැහෙන්න හසරැල් මවා

මුහුද හඬන වෙලාවේ..

සිතිජ ඉමව්වේ
දුර ඈත දනව්වේ
මුසුවේවි සංකා ඇගේ
ඈ හෙලන කඳුළැලි
මුහුදටම යා වෙවී
මුහුද හඬයි ඈ හා බැඳී

මුහුද හඬන වෙලාවේ..
Song title: Muhuda Hadana Welawee The author: Unknown The singer: Madumadawa Aravinda Submitted by: Site Administrator