SORT LYRICS BY NAME:

Oya Langin Athwela - Lakshman Hewawitharana

ඔයා ළඟින් ඈත්වෙලා - ලක්ශ්මන් හේවාවිතාරණ

ඔයා ළඟින් ඈත් වෙලා හිඳින්න බැරුව
තනි වුණ මගෙ හිත පතන්නෙ තවමත් ඔබව
ඉස්සර වගෙ මගේ ළඟින් ඔබ නැතුවාට
කඳුළු පුරන මගෙ ඇස් දෙක හොයන්නෙ ඔබව

නෙතු අතරේ කඳුළු ඇතත් ඔබ දකින්නෙ නෑ
මා අත හැර වෙන් වුණාට තරහ වෙන්න බෑ
ආදරයට දුන් මේ දුක උහුලන්නට බෑ
කවදාවත් මට ඔයාව අමතක වෙන්නෑ.

ඔයා ළඟින් නැති පාළුව දරාගන්න බෑ
ඔයා ළඟින් ඈත් වෙලා මට ඉන්නට බෑ
ආදරයක් ගැන ආයෙත් හිතන්න මට බෑ
කවදාවත් මට ඔයාව අමතක වෙන්නෑ.......
Song title: Oya Langin Athwela The author: Unknown The singer: Lakshman Hewawitharana Submitted by: Site Administrator