SORT LYRICS BY NAME:

Oba Dannawanm Eka Kandulu Bindak - Karunarathna Diwlgane

ඔබ දන්නව නම් එක කදුළු බිදක් - කරුණාරත්න දිවුල්ගනේ

ඔබ දන්නව නම් එක කදුළු බිදක්
හිත යටට වෙලා දුක් විදින තරම්
එක කදුල වුනත් නෙතු යටට ඇවිත්
යලි ඔබේ පයට පෑගෙනවා නම්

එක මලක් තනන්ට රුවට රුවින්
ගහ වැල දුක් ගින්දර විදින තරම්
ඒ පිපෙන මලත් කළු දෙබරු ඇවිත්
විෂ තුඩින් පෙලා රිදවනවා නම්

ඔබ දන්නව නම්…

දස මසට වඩා පුරනා පෙරුමන්
ලොව හදන වඩන මව්වරුණි උතුම්
මට කියා දෙන්න ලොව ඇතිද ඉතින්
වෙන අරුතක් මේ දිවියෙ උතුම්

ඔබ දන්නව නම්…
Song title: Oba Dannawanm Eka Kandulu Bindak The author: Unknown The singer: Karunarathna Diwlgane Submitted by: Site Administrator