SORT LYRICS BY NAME:

Andannepa Sudu Manike - Jothipala H.R

අඬන්නේපා සුදු මැණිකේ - ජෝතිපාල H.R.

අඬන්නේපා සුදු මැණිකේ
මා ඔබ ළඟමයි ඉන්නේ
අඩන්නෙපා සුදු මැණිකේ
මා නැත ඔබ හැර යන්නේ//

රෑ දාවල් යයි ගෙවිලා
මම ඉමි ඔබ වෙත රැදිලා
මධු රස බසකින් නළවා
මම ඉමි පාළුව පලවා

අදමෙන් හෙට සනසන්නම්
මිහිරෙන් මිහිර පොවන්නම්
සැප සම්පත් ගෙන දෙන්නම්
ඔබ සුබ සිහින සැබෑ කරවන්නම්

මල් යහනක සතපන්නෙම්
මල් පැණි පෙරලා දෙන්නම්
මුතුවැල් ගෙළ පළඳන්නම්
රන් විමනක රඳවන්නම්
Song title: Andannepa Sudu Manike The author: Unknown The singer: Jothipala H.r Submitted by: Site Administrator