SORT LYRICS BY NAME:

Peradinaka Eda Hamuwuyee - Jothipala H.R

පෙරදිනක එදා හමුවූවේ - ජෝතිපාල H.R.

පෙරදිනක එදා හමුවූවේ කොතැනකදෝ
මට මෙන්ම ප්‍රියේ ඔබටත් එය අමතකදෝ
ඔබ නොදැක එදා එක දවසක්‌ ගතවුණිදෝ
ඒ දවසද කල්පයකට දිග වැඩි නේදෝ

සා දෙනක ලෙසින් අවිහිංසක මගෙ සෙවනේ
ඒ ගෙවූ අතීතේ //
ඔබ වෙනුවෙන් හා නෙත් හෙළු කඳුලු රේඛා //
අද මල් පුබුදා ඇත ඉතිරි පැතිරි ශාඛා

කටු පඳුරු පිරුණු වන පෙදෙසක ඔබ පිපුණේ
මගෙ ආදර අරණේ //
වාසනාවේ අඩ සඳ දැන් අහසේ මෝරයි //
මා මියන තුරුම මගේ ජීවිතේ ඔබටම බාරයි
Song title: Peradinaka Eda Hamuwuyee The author: Unknown The singer: Jothipala H.r Submitted by: Site Administrator