SORT LYRICS BY NAME:

Aydho Magen Wenveela - Jothipala H.R

ඇයිදෝ මගෙන් වෙන් වීලා - ජෝතිපාල H.R.

ඇයිදෝ මගෙන් වෙන් වීලා
ඔබ යන්නෙ කොහෙදෝ ළඳුනේ
සැනැහී සදා ඔබ ඉන්නයි
පැතුවේ හදෙන් තනිවී
මා පැතුවේ හදෙන් තනිවී
ඇයිදෝ මගෙන් වෙන් වීලා

බමරුන් මේ ඇයි දුක්‌ ගීතේ
පරවෙන්න ඇයි මල් පිපුණේ
සැංගෙන්නෙ ඇයි සඳ අහසේ
හිනැහෙන්නේ සඳ තරු එළියේ

උපදින්නේ ඔබ මතු බවයේ - හිනැහෙන්න සුහදී පෙරසේ

සැනසෙන්න වනමල් පිපුණේ
බමරුන් ද ඒ වෙත යන්නේ
හැංගෙන්නේ නෑ සඳ ආයේ
හිනැහෙන්න තරු ඒ යාමේ

උපදින්නේ ඔබ මතු බවයේ - හිනැහෙන්න සුහදී පෙරසේ
Song title: Aydho Magen Wenveela The author: Unknown The singer: Jothipala H.r Submitted by: Site Administrator