SORT LYRICS BY NAME:

Mee Ayurin Api - Jayarathna T.M

මේ අයුරින් අපි - ජයරත්න T.M.

මේ අයුරින් අපි සංසාරේ
ආදරයෙන් හමුවෙන්න ඇති…..
මේ අයුරින් අපි දවසක් දා
සසර මඟදි වෙන් වෙන්න ඇති

සාලිය මාලා පෙම් බැදි දා මම
සිටු කුමරෙක් වී ඉන්න ඇති
ඒ සිටු කුලයේ කුමරිය වී ඔබ
මේ ලෙස මට රිදවන්න ඇති

ආත්ම ගනනක් ඔබ පය පාමුල
මගෙ කඳුලෙන් සේදෙන්න ඇති
එදත් මගේ පෙම් ආයචනයට
අද මෙන් ඔබ හිනහෙන්න ඇති….
Song title: Mee Ayurin Api The author: Unknown The singer: Jayarathna T.m Submitted by: Site Administrator