SORT LYRICS BY NAME:

Maala Gira Gela - Jayarathna T.M with Latha Walpola

මාල ගිරා ගෙල - ජයරත්න T.M. සමග ලතා වල්පොල

මාල ගිරා ගෙල
මාල පොටක් බඳු
ගෝමර පෙති මාලේ
පාට සරුංගල්
පාට නෙලාගෙන
රුව දිලෙනා ලීලේ

වතු සුදු මල සේ මා
වත රූසිරු බෝමා
කෝළ කොමළ වරුනේ
සිත බැඳුනා ළඳුනේ

මාල ගිරා ගෙල..

කදිම උවම් යොදලා
කවි සීපද ගොතලා
හීතල දුරුතු මහේ
කියමුද අපි ළඳුනේ

මාල ගිරා ගෙල..

කෙකටිය සුදට සුදෝ
හිරිමල් කැකුළු මුවින්
ටිකිරි හිනා බිංදු
මට දෙනවද ළඳුනේ

මාල ගිරා ගෙල..
Song title: Maala Gira Gela The author: Ajantha Ranasinghe The singer: Jayarathna T.m With Latha Walpola Submitted by: Site Administrator