SORT LYRICS BY NAME:

Saptha Swarayay - Indika Ruwan(Roony)

සප්ත ස්වරයයි - ඉන්දික රුවන් (Roony)

නිසග පවග මත හිනැහි හිනැහි පිණි
මල් මතින් වඩිනු දෙව්ලියේ
රත තඹර මල් සුවඳ විහිදා
බිගුන් බමනා ඈ වටා.

ඇගෙ නිකිණි සිනහ මල්
කිණිති සැලෙන විට
දැනෙන දැනෙන හැගුමන්
රණ තිසර රුවැති ඇගෙ ලකල් ළමැදෙ මං
සිහින සිහින වින්දෙම්

සප්ත ස්වරයයි සුවද හමනා
සප්ත ස්වරයයි ඈ සුවද හමනා

හිත පුරා විසිරි මුතුලතා
ඉහිරුනා රුවැති හද පතා
හීන මුසු වුනු පාට තැවරුණු
දෑස අබියස නැවතිලා

ඇගෙ නිකිණි සිනහ මල්..

සප්ත ස්වරයයි සුවද හමනා
සප්ත ස්වරයයි ඈ සුවද හමනා

මෙපුර සුරඹ නද විදිමි විදිමි
ඇගෙ මුව මතින් වයන රිද්මයේ
නීල අඹරේ තුහින මල් වැහි
තෙමෙනවා මා ආදරෙන්

ඇගෙ නිතඹ සැලෙන පා සළඹ සැලෙන විට
දැනෙන දැනෙන හැගුමන‍ෙ
මුදු සුමුදු සුවැති ඇගෙ ළකල් ළමැදෙ
මං සිහින සිහින වින්දෙම්

සප්ත ස්වරයයි සුවද හමනා.......
සප්ත ස්වරයයි ඈ සුවද හමනා.......
Song title: Saptha Swarayay The author: Unknown The singer: Indika Ruwan(roony) Submitted by: Site Administrator