SORT LYRICS BY NAME:

Oba Pem Karanaa - Gunadasa Kapuge

ඔබ පෙම් කරනා - ගුණදාස කපුගේ

ඔබ පෙම් කරනා ඔබේ කුමාරි
ඔබට ආදරේ කියනා අයුරින්...
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරේ කියා තිබේ...

සාගර වෙරලේ සොඳුරු සැදෑවක
රඟහල කෙලවර අදුරු නිමේශෙක
අද ඔබ ළඟ ඔබ සනසාලන ඇය
පෙර දවසක මා තුරුළට වී හිඳ
මටද ආදරේ කියා තිබේ...

සක්මන් මළුවන දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස් ගොලුවී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඇය
මටද ආදරේ කියා තිබේ...
Song title: Oba Pem Karanaa The author: Unknown The singer: Gunadasa Kapuge Submitted by: Site Administrator