SORT LYRICS BY NAME:

Mini Mini Poda Watev - Edward Jayakody

මිණි මිණි පොද වැටේවි - එඩ්වඩ් ජයකොඩි

මිණි මිණි පොද වැටේවි
මල් මිණි දැදිරි වේවි - ඔබ එනවා නම්
දේදුනු පාලම උඩ හැන්දෑවේ
මම ඉන්නම්....//

ලා සඳ පළුව ඇවිත් නිල් දිය මුදුනින්
රන් තරු මාල බැදන් රන් වන් අහසින්
අද හොදම දවස - අද හොදම දවස
ඔබ එනවා නම්....

මිණි මිණි පොද වැටේවි...//

බිම් කළුවර ඈතින් ඉරෙන්නට කලින්
සුදු මීදුමේ සුසුම් නැගෙන්නට කලින්
අද හොදම දවස - අද හොදම දවස
ඔබ එනවා නම්...

මිණි මිණි පොද වැටේවි...//
Song title: Mini Mini Poda Watev The author: Unknown The singer: Edward Jayakody Submitted by: Site Administrator