SORT LYRICS BY NAME:

Tharu Kakuliye - Chillie Thilanka

තරු කැකුළියේ - චිලී තිලංක

තරු කැකුළියේ යලි මැවෙන්න හීනේ
ගෑවී ලයේ මුව සිඹින්න ඕනේ
ගිම්හානයේ කැන්දා සෙනේ
දෙනවාද පෙම තෝරලා
රෑ හීන ගානේ ඔබ ඉන්න ඕනේ
මා ජිවිතේ සඳ වගේ

නොකියූව කාරණේ මා ඉන්න තීරණේ
මං ආදරෙන් මංමුලා වෙලා
ඔබ ඉන්නේ මා සිතේ සසරේම යා කෙරේ
මම ආදරෙන් මත් වෙලා සදා
සඳවන්තියේ සිතගත්තියේ හමුවන්න නිල් නිම්නයේ
රෑ හීන ගානේ ඔබ ඉන්න ඕනේ
මා ජිවිතේ සඳ වගේ

සැනසෙන්න ජීවිතේ මට දෙන්න ආදරේ
සේයා වෙමින් වෙන් වෙලා නොයා
මුමුණන්න මේ ලෙසේ මා ඉන්න මානයේ
මාගේ වෙමින් ලං වෙලා සදා
ගිම්හානයේ කැන්දා සෙනේ
දෙනවාද පෙම තෝරලා
රෑ හීන ගානේ ඔබ ඉන්න ඕනේ
මා ජිවිතේ සඳ වගේ

තරු කැකුළියේ යලි....................

Song title: Tharu Kakuliye The author: Unknown The singer: Chillie Thilanka Submitted by: Site Administrator