SORT LYRICS BY NAME:

Mage Dina Potheehi - Chandraleka Perera

මගේ දිනපොතේහි - චන්ද්‍රලේකා පෙරේරා

මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ
අ‍ප පෙම්කතාවේ අවසානයයි
ඔබ නේන දා හෙට මා මනමාලියයි
මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ

කවදාක හෝ එක්තැන් වෙලා
සුව හා සුසුම් සමසේ දරා
අත් වැල් බැඳන් යමු ජීවිතේ
ඒ කී වදන් බොල් හීනෙකී

මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ

පාසැල් සමේ අ‍පි දෙන්නගේ
නම් කුරුටු ගෑ කඩදාසි ඒ
ගිණි අවුළුවා නටබුන් පෙමින්
අපි වෙන්වෙමු දෛවේ ලෙසින්
Song title: Mage Dina Potheehi The author: Unknown The singer: Chandraleka Perera Submitted by: Site Administrator