SORT LYRICS BY NAME:

Dalwuu Pahan Dalvee Thibeewa - Chandraleka Perera

දැල්වූ පහන් දැල්වී තිබේවා - චන්ද්‍රලේකා පෙරේරා

දැල්වූ පහන් දැල්වී තිබේවා
සුන් වූ පැතුම් දළු ලා වැඩේවා
ළං වූ ලවන් හමු වී තිබේවා
වෙන් වූ නුවන් කඳුලින් මිදේවා

විරහී හඳින් ගලන දුක් වේදනාවන්
සිහිලැල් පවන් රැල්ලකින් සංසිදේවා
නොබිඳී නිර්මල ප්‍රාර්ථනාවන්
පෙම්වත් ලොවක් අරුණු අහසේ දිසේවා

දැල්වූ පහන් දැල්වී තිබේවා
සුන් වූ පැතුම් දළු ලා වැඩේවා
ළං වූ ලවන් හමු වී තිබේවා
වෙන් වූ නුවන් කඳුලින් මිදේවා
Song title: Dalwuu Pahan Dalvee Thibeewa The author: Unknown The singer: Chandraleka Perera Submitted by: Site Administrator