SORT LYRICS BY NAME:

Manalooli Manamaaliye - Chandraleka Perera with Rookantha Gunathilaka

මනලෝලී මනමාලියේ - චන්ද්‍රලේකා පෙරේරා සමග රූකාන්ත ගුණතිලක

මනලෝලී මනමාලියේ
ඔය දෑසේ කැල්මන් වෙලා
මාගෙ දෑතේ දැවටී ආවේ
පවසන්නදෝ ආදරේ

කවදා හෝ සංසාරයේ
එක් වීලා අතිනත් වෙලා
ආවා වගේ ඔබ මේ ආවේ
පවසාලා ප්‍රේමාදරේ

මුව මදහාසේ ඔබ මට පෑවේ
විහිදා පෙම් ආරාධනේ
ඉඟියෙන් වාගේ රහසින් කීවේ
සැනසීමයි මේ ජීවිතේ

ඔබ හිනැහේවී පුන්සඳ වාගේ
පායාලා මාගේ ලොවේ

ඈයිදෝ නොහෑගේ ලෙන්ගතු වූයේ
ඔබ මා ලංවීලා මෙසේ
ලතැවුල් කීවේ සංසිදවූවේ
දෙනෙතේ දල්වාලා සෙනේ
ඔබ සුව ගේනා සුවඳක් වාගේ
පාවේවී මාගේ ලොවේ
Song title: Manalooli Manamaaliye The author: Unknown The singer: Chandraleka Perera With Rookantha Gunathilaka Submitted by: Site Administrator