SORT LYRICS BY NAME:

Kurudu Suwadathi Sulagama - Chamara Weerasinghe

කුරුඳු සුවදැති සුළඟම - චාමර වීරසිංහ

කුරුඳු සුවදැති සුළඟම
නැඹුරු වී මගෙ සුසුමට
අඬගසන තුරු ප්‍රථම ප්‍රේමය
සදා තරුණයි ජීවිතේ..

හද සිදුරු කළ ප්‍රථම ප්‍රේමය..
සොඳුරු පුවතයි ජීවිතේ..
සදා තරුණයි ජීවිතේ..

වෙනදා වගේම පුරහඳ..
පුරවරයට පා එනවිට...//
දැනෙන දුක නිදුකක් බව..
ගැඹුරු ලෙස දැනෙනව මට..

කුරුඳු සුවදැති සුළඟම....

නපුර වපුරන අදුරද..
පිදුරු අවුලයි මතකෙට.. //
කදුරු පුපුරයි හද තුළ..
ඒත් මිහිරී එය මට..//

කුරුඳු සුවදැති සුළඟම....
Song title: Kurudu Suwadathi Sulagama The author: Chamara Weerasinghe The singer: Chamara Weerasinghe Submitted by: Sahan Dissanayake