SORT LYRICS BY NAME:

Sandasee Dawasaka - Chamara Weerasinghe

සඳසේ දවසක - චාමර වීරසිංහ

සඳසේ දවසක ඔබ බැසයාවී
කළුවර අහසට දුක තියලා
හමුවුන තැන්වල මල් සුපිපේවී
හමුවන වෙන අය ගැනහිතලා

වළාකුලකි ඔබ මලානිකව ගිය
හිස් අහසේ සරනා
දරාගනිමි දුක කාට කියන්නද
ඔබ අන්සතු වූදා
ඔබ අන්සතු වූදා

සලාන මුවරද ගලාන යන සඳ
මද සුළඟේ දැවටී
බලාහිඳිනු මිසකුමක් කරන්නද
ඔබ අන්සතු මලකී
ඔබ අන්සතු මලකී
Song title: Sandasee Dawasaka The author: Unknown The singer: Chamara Weerasinghe Submitted by: Site Administrator