SORT LYRICS BY NAME:

Athinwath Alluwena - Amarasiri Pieris

අතින් වත් අත ඇල්ලුවේ නෑ - අමරසිරි පීරිස්

අතින් වත් අත ඇල්ලුවේ නෑ
කිසිම කිලුටක් තිබුනේ නෑ
ආදරය හැර හීනයකවත්
කිසිම කිලුටක් තිබුනේ නෑ

ඔබට අමතක වෙන්න බෑ
අපේ දුප්පත් ප්‍රතම ප්‍රේමය
ඔබට අමතක වෙන්න බෑ
ඔබට අමතක වෙන්න බෑ

කුළුදුලේ කී මුල්ම වචනය
පැටලෙද්දි ඔය සොදුරු දෑසට
නුබත් මා ලග මං වගේ නිහඩයි
බිම බලාගෙන ගොලු වුනේ ඒකයි

නොඉදුලේ හැගුමන් තියාගෙන
ආලයෙන් වියපත් වෙලා අප
වෙන් උනෙත් ආදරේ හින්දාමයි
සමු දෙන්න බැරි හමු නොවිත් ඒකයි
හමු නොවිත් සමු දෙන්න බැරි ඒකයි

ඔබට අමතක වෙන්න බෑ
අපේ දුප්පත් ප්‍රතම ප්‍රේමය
ඔබට අමතක වෙන්න බෑ
ඔබට අමතක වෙන්න බෑ
Song title: Athinwath Alluwena The author: Unknown The singer: Amarasiri Pieris Submitted by: Site Administrator