SORT LYRICS BY NAME:

Sihina Nelum Mala - Amaradewa W.D

සිහින නෙළුම් මල - අමරදේව W.D.

සිහින නෙළුම් මල ජීවිත පොකුණේ
දෑස අබියස පිපී සැලේ
දෑස අබියස පිපී සැලේ
සිහින නෙළුම් මල ජීවිත පොකුණේ

තුන් යම ගත වූ ජීවිතයේ
අරුණළු නැගෙනා පභාතයේ //
අහස ඉසව්වෙන් ඔබ මා දුටුවේ
රිදී පහන් තරුවක් වාගේ
රිදී පහන් තරුවක් වාගේ

දෑස වසාගෙන මැදියම් යාමේ
යහනත වැතිරී නිදන වෙලේ //
කවියක් ලෙස ඔබ හදවත ගුලි වී
මා හද පිරිමැද අවදිකලා

මැදියම අවදි ව හැබැහින් දුටුවෙමි
පෙරයම නින්දේ දුටු සීනේ
එහෙත් සිහිනයක් වේ දෝ එය යළි
ජීවිතයේ අන්තිම යාමේ
Song title: Sihina Nelum Mala The author: Unknown The singer: Amaradewa W.d Submitted by: Site Administrator