SORT LYRICS BY NAME:

Muwarada Bara Pipi Mal Gomu - Amaradewa W.D

මුවරද බර පිපි මල් ගොමු - අමරදේව W.D.

මුවරද බර පිපි මල් ගොමු අතරේ නැත ආදරේ
දේදුන්නේ පැහැ රේඛා අතරේ නැත ආදරේ

හඳපානේ ගඟ දිය රැළි අතරේ නැත ආදරේ
ඝණ අඳුරේ හුදකලාව නඟි කඳුලකි ආදරේ

තුරු වදුලේ ඇල් හෙවනැලි අතරේ නැත ආදරේ
රත ලවනේ පෙම් හසරැලි අතරේ නැත ආදරේ

යුග නයනේ නිල් මිණි කැට අතරේ නැත ආදරේ
ඝණ අඳුරේ හුදකලාව නැඟි කඳුලකි ආදරේ
Song title: Muwarada Bara Pipi Mal Gomu The author: Unknown The singer: Amaradewa W.d Submitted by: Site Administrator