SORT LYRICS BY NAME:

Maha Wassaka Pera Nimithi - Amaradewa W.D

මහ වැස්සක පෙර නිම්ති - අමරදේව W.D.

මහ වැස්සක පෙර නිම්ති පෙනෙනවා
කවුළුව අතරින් හිරි පොද එනවා
මල්පැණි වඩියක උණුසුම ලබනට
යන්නට ඕනෑ කඩමණ්‌ඩිය වෙත

කබාය ඉරිලා ඊට කමක්‌ නෑ
කවුරු බලන්නද කවුරු දකින්නද
මා දැන් මහළු වියේ //

පාරට බැස්‌සම නොවැ සීතල වැඩි
තනිකම ඊට වැඩියි
සිරිපොද වැස්‌සේ එකම කුඩය යට
තෙරපි තෙරපි අර යුවළක්‌ යන හැටි
මමත් ඔහොම ගිය හැටි මතකයි
මට හොඳ හැටි මතකයි

මීවිතකින් ගත උණුසුම් වූවත්
සිත උණුසුම් වේදෝ
එපා එපා මීවිත මගෙ දෙතොලට //
ආපසු මම කුටියට යනවා
මා ආපසු යනවා
Song title: Maha Wassaka Pera Nimithi The author: Unknown The singer: Amaradewa W.d Submitted by: Site Administrator