SORT LYRICS BY NAME:

Kandulu Kiri Powa - Amaradewa W.D

කඳුළු කිරි පොවා - අමරදේව W.D.

කඳුළු කිරි පොවා
තුරුලේ සෙනෙහසින් හදා
කඳුළු විල දිගේ
නොපෙනී ගියාදෝ අම්මා

සත් පියුම් විලේ
විල මැද යළි පිපී දිලේ
දුටු සඳ දරුවන් වෙත මවකගේ සෙනේ
මිහිකත වුව හඬා වැටේ

නිවන් මන් පෙතේ
ඔබ ගිය මන් ලකුණු පෙනේ
වඩිනා දා නිවන් පුතු සෙනේ වඩා
මා දෙස බලනු මට දැනේ
Song title: Kandulu Kiri Powa The author: Unknown The singer: Amaradewa W.d Submitted by: Site Administrator