SORT LYRICS BY NAME:

Paaramitha Bala Puuritha Puujitha - Amaradewa W.D

පරමිතා බල පූරිත පූජිත - අමරදේව W.D.

පරමිතා බල පූරිත පූජිත
බුද්ධ දිවාකරයානෝ
වෙසක්‌ පොහෝ දින දිනූ සේක ලොව
බුද්ධ දිවාකරයානෝ

සැනසෙමු පුද දී මුනි සිරිපාදේ
පිහිනමු පිහිනමු බුදුගුණ මුහුදේ

සනසා මුළු ලොව නොවන් ලබාදී
පුණ්‍ය මහෝද දී ශාන්ත සමාධී
සණරාමර ගුරු ලෝක ශිවංකර
බුද්ධ දිවාකරයානෝ

මාර පරාජය කළ මුනිඳුන් ගේ
කරුණා සීතල නෙත දහරා
ගලා බසී තුන් ලෝතලයේ
දුක්‌ ගිමන් නිවා අම සෙත සාදා

බුදුරැස්‌ කැටිවී නැගි ආලෝකේ
පිසයයි දුකඳුරු මුළු තින් ලෝකේ

Song title: Paaramitha Bala Puuritha Puujitha The author: Unknown The singer: Amaradewa W.d Submitted by: Site Administrator