SORT LYRICS BY NAME:

Dineka Hiru Basa - Victor Rathnayake

දිනෙක හිරු බැස - වික්ටර් රත්නායක

දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරළක හුදකලාවෙක
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක..//

සයුර මා විය අහස ‍ඔබ විය
දෙදෙන ළං වූ ක්ෂිතිජයක් විය
ඒ වෙලාවේ මට මතක් විය
කලක් ලොව අප ගැන සිතූ හැටි..

දිනෙක හිරු..

සයුර මා විය අහස ‍ඔබ විය
දෙනෙත රැවටූ ක්ෂිතිජයක් විය
කී කථා‍වේ අරුත වැටහිණ
අහස සමුදුර එකතු වී යැයි..

දිනෙක හිරු..//
Song title: Dineka Hiru Basa The author: Premakeerthi De Alwis The singer: Victor Rathnayake Submitted by: Site Administrator