SORT LYRICS BY NAME:

Arunalu Pathirena - Victor Rathnayake

අරුණළු පැතිරෙන - වික්ටර් රත්නායක

අරුණළු පැතිරෙන‍ හිමිදිරි යාමේ
සිතුවිලි පව්වේ පෙරදිග අහසේ
හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි...
හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි...

කළුවර ගොමුකොට ගිමන් දවන මඟ
ගමන් කලෙමි දුර සසර පුරා...//
පස්කම් සම්පත් එක්තැන් කරගෙන
ගමන්කලෙමි දුර සසර පුරා

අරුණළු පැතිරෙන...//

මහ කරුණාවේ සිහිල ගලා එන
බුදු හිමියනි ඔබේ නෙත් දහරේ...//
නැහැවෙමි සසරෙහි කෙලෙස් මුදා හැර
බුදු හිමියනි ඔබේ නෙත් දහරේ

අරුණළු පැතිරෙන...//
Song title: Arunalu Pathirena The author: Unknown The singer: Victor Rathnayake Submitted by: Site Administrator