SORT LYRICS BY NAME:

Hathara Keendare - Shihan Mihiranga

හතර කේන්දරේ - ශිහාන් මිහිරංග

හතර කේන්දරේ පාලු කියලා නුඹ ළඟදී
දැනුනේ නෑ මට නම් පාලූ
ග්‍රහයෝ නතුවාලු නුඹගේ නිසි පරිදී
මට නම් නෑ ඔබේ අඩු පාළු

මේ දුරු ගමනේ මගෙ දෑතේ වෙලිලා
භවයේ සැරිසරා එක්වෙලා
පෙම් දිවි සටනේ නොයමී පැරදිලා
මම නුඹ ගත්තෙමි දිවුරා

දුර අහසේ තාරකා ඇයිදෝ නුඹව තනි කරලා //
මල් වැල් ගොතා ඔබේ දෙවුරේ හොවා
රැක ගන්නේ මගේ ප්‍රාණයෙන්
ග්‍රහදොස් මකා මා ප්‍රේමයේ දොවා
නුඹ ඉන්නේ සදා මා ලඟින්

හතර කේන්දරේ පාලුයි කියලා..................

පින් පෙත් පුරණා සදනා ලෝකයක්
දැක්කා නුඹගේ දෑසේ මා
එක්වී ගෙවනා හැම මොහොතක් පාසා
නුඹගේ තුරුලේ හිඳීමී මා
Song title: Hathara Keendare The author: Unknown The singer: Shihan Mihiranga Submitted by: Site Administrator