SORT LYRICS BY NAME:

Me Ganga Galanne - Priyanka Gamage

මේ ගඟ ගලන්නේ - ප්‍රියංකා ගමගේ

මේ ගඟ ගලන්නේ..
අඳුරු තුරු ගොමු අතරින්..
නේක රිදවුම් ඉවුරු බිඳිමින්..
දැනෙන මොහොතෙත් හැඩවෙමින්
මේ ගඟ ගලන්නේ
නේක අවමන් විදිමින්...

ලෝකයෙන් ලද සරදම්..
නිහඬ ලය යට සඟවන්..
සසල සැඩ රළ නිසල කර කර
ගඟ ගලයි සංවේගෙන්..//

මේ ගඟ ගලන්නේ...

ඔබට දුන් මේ සිහිලැල්..
නැවත ලැබුවේ ගිනිදැල්..
ඔබගේ නෙතු අග කඳුළු දුටුවම
ගඟ ගලයි සංවේගෙන්..//

මේ ගඟ ගලන්නේ..
Song title: Me Ganga Galanne The author: Priyanka Gamage The singer: Priyanka Gamage Submitted by: Site Administrator