SORT LYRICS BY NAME:

Sayurehi Paawi - Milton Mallawarachchi

සයුරෙහි පාවී - මිල්ටන් මල්ලවාරච්චි

සයුරෙහි පාවී වෙන්වී ගියේ
ඔබ ළඟ රන්දා මගේ ආදරේ //

දිනකර දවාලයි දවස පුරා මා
ඉමකර නැගේ මුදු සිසිල සලා
දවස පුරා හෝ මුළු රැය පුරා හෝ
ඔබ මා හදේ යාවේ සුසුම් ලෙසේ

සයුරෙහි පාවී වෙන්වී ගියේ
ඔබ ළඟ රන්දා මගේ ආදරේ //

දවස ගෙවී යයි දියඹ සරා මා
ඈත ඇදේ යළි දියත පුරා
දුර රටකදී හෝ ළඟපාතදී හෝ
ඔබ මා හදේ යාවේ සුසුම් ලෙසේ

සයුරෙහි පාවී වෙන්වී ගියේ
ඔබ ළඟ රන්දා මගේ ආදරේ ///
Song title: Sayurehi Paawi The author: Warnan Perera The singer: Milton Mallawarachchi Submitted by: Site Administrator