SORT LYRICS BY NAME:

Sandaluthalee Oba - Milton Mallawarachchi

සඳළුතලේ ඔබ - මිල්ටන් මල්ලවාරච්චි

සඳළුතලේ ඔබ සිටියා බලා
ඈත තියා මම දුටුවා
අසු පිට එන සඳ ඔබ දැකගන්නට
තවත් සඳක් දෝ මට සිතුණා

ඔබ මා සතු නම් වෙන සැප කුමටද
ම සිත සැලෙයි ඔබ දුටුව පැයේ
පුලින තලාවට ඇඳිරි වෙලාවක
සිතුවිලි කුටියේ සිහින රැයේ

රජ මැදුරක ඔබ සැතපෙන යහනක
සුව පහසුව නැත මගෙ කුටියේ
එනමුදු ඔබහට බැඳි මා සෙනෙහස
දිවි ඇති තුරු මා හදෙහි තියේ

සඳළුතලේ ඔබ සිටියා බලා..
Song title: Sandaluthalee Oba The author: Clarence Wijewardena The singer: Milton Mallawarachchi Submitted by: Site Administrator