SORT LYRICS BY NAME:

Ruwan Walaa Wimaane - Latha Walpola with Jothipala H.R

රුවන් වලා විමානේ - ලතා වල්පොල සමග ජෝතිපාල H.R.

රුවන් වලා විමානේ
සිරි යහනාවෝ දුටුවාදෝ..//
දෝතින් ඔබේ අරගන්න මා
සතපන්න ඒ යහනාවේ..//
රුවන් වලා විමානේ
සිරි යහනාවෝ දුටුවාදෝ..

මේ දෑත සීතල ඇයිදෝ...
මට පවසන්න කොඳුරා ලඳේ..
නෑ තාම උණුසුම කුමරූ..
යමු තනිවෙන්න මිටියාවතේ..
ළංවෙන්න ලඟ ඉන්න කුමරී..
විලවුන් විජිතේ මගේ වාසනා..

රුවන් වලා විමානේ...

කඳුයාය අතරේ සුහදේ..
පෙම් විහඟුන් පරාදීසයේ..
මධු චන්ද්‍ර ඇරයුම් ගයනා..
අර ඇසුනාද මනමාලියේ..
පවසන්න මට ලංව මුමුණා
මා පෙර නෑසූ පෙම් ගායනා..

රුවන් වලා විමානේ...
Song title: Ruwan Walaa Wimaane The author: Unknown The singer: Latha Walpola With Jothipala H.r Submitted by: Site Administrator