SORT LYRICS BY NAME:

Akasa Gange - Kasun Kalhara

ආකාස ගඟේ - කසුන් කල්හාර

ආකාස ගඟේ-වළාවේ වෙළී
සීමාව සොයා සිසාරා ඇදී
එමි ආදරී
සිත සාදමී
මෘදු හාදු දී
හද ගිනි නිවමි
සුළඟ හිමිහිට හැමුවාවේ....
කොහෙද ඇය මට කිව්වාවේ....

පෑයූව සඳේ
අකාසේ රැඳී
ඈ වාගේ දිලී
රිදවයි නුඹ හිනැහී....

ඈ ඉන්නා සී මැදුරේ ලා අඳුරේ මේ යාමේ
පාවේ දෝ ගී රාවේ
පීඩා වී සංතාපේ
ඒ හඬනා හඬ දෝ ඇයගේ....

දෑසේම පායා රෑ සීන ගේනා
ඈ කෝ සොයා දැවෙමී....

පෑයූව සඳේ
ආකාසේ රැඳී
ඈ වාගේ දිලී
රිදවයි නුඹ හිනැහී

රෑ බෝවී ආවාවේ
දී දුක් දී හේමන්තේ
නෑ එන්නේ මල් වාරේ
සරසාලා ඈ හිසකේ
ඈ මතකේ සුසුමේ සිරවේ....

දෑසේම පායා රෑ සීන ගේනා
ඈ කෝ සොයා දැවෙමී....

පෑයූව සඳේ
ආකාසේ රැඳී
ඈ වාගේ දිලී
රිදවයි නුඹ හිනැහී....

ආකාස ගඟේ-වළාවේ වෙළී
සීමාව සොයා සිසාරා ඇදී
එමි ආදරී
සිත සාදමී
මෘදු හාදු දී
හද ගිනි නිවමි
සුළඟ හිමිහිට හැමුවාවේ....
කොහෙද ඇය මට කිව්වාවේ....

පෑයූව සඳේ
අකාසේ රැඳී
ඈ වාගේ දිලී
රිදවයි නුඹ හිනැහී....
Song title: Akasa Gange The author: Himali N Liyanage The singer: Kasun Kalhara Submitted by: Janith C Jayasundera